පාසල් ගීතය
හෙළ බිම දිනූ මේ විදුහල් මෑණී
අපි ඔබගේ දරුවෝ
ඔබෙ ශ්රී නාමය රකිති සදා කල්
පණ මෙන් සිසු දරුවෝ
මොහඳුර දුරු කොට ඥානය වඩවන
සිප් කිරි දහර පොවා................//
දෙස බස රැස හා දෑ අභිමානෙන්
අප සිත් පුබුදාලා ...................//
ධීර වීර නැණ චතුර විදුර හෙළ
පඬුවන් බිහි කළ මෑණී...
ශාන්ත මරියා මහ විදුහල් වේ
සරසවි හෙළ දීපේ.......//