(+94) -091791940
gstmaryscollege@gmail.com
ගා/ශාන්ත මරියා මහා විද්‍යාලය
ඇල්පිටිය
Register
Login
ගා/ශාන්ත මරියා මහා විද්‍යාලය
ඇල්පිටිය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය හා සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
පාසලේ අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම හා මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසලේ කොඩිය
පාසලේ නිල වර්ණ
නිල ඇඳුම
පාසලේ නිවාස
පාසලේ විනය නීති
අධ්‍යයන
විෂයමාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
කාර්ය මණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අධ්‍යයන කාර්ය මණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායකයින්
ශිෂ්‍ය කාර්ය සාධනය
සිසු ඇතුළත් කරගැනීම්
පුවත් හා විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංවිධාන
ගැලරිය
අප හා සම්බන්ධවන්න
School Map
අපේ පාසල ගැන
Toggle navigation
ඉතිහාසය හා සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
Home
අපේ පාසල ගැන
ඉතිහාසය හා සම්ප්‍රදායන්
ඉතිහාසය
ඉතිහාසය
ඉතිහාසය පිළීබද අතීත මතක සටහන්
===================================
මවිසින් අලුතින් ලියා ගෙන යන, ඇල්පිටිය ශාන්ත මරියා විදුහලේ, නේවාසිකව ඉගෙනුම ලැබූ, වසර අටක් පමණ වන කාලය පිලිබඳ, ග්‍රන්ථය සදහා, ඇවැසි අතිරේක කරුණු රැස් කර ගැනීම සඳහා, අද දින (12) ඇල්පිටිය ශාන්ත මරියා දේවස්ථානයේ, නිහල් ද සිල්වා පියතුමා, මිෂන් හවුසියේදී හමුවුනෙමි. ඉතා සුහදව අපව පිලිගත් පියතුමා, අපට දේවස්ථානය හා විදුහලේ ඉතිහාසය පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙටියෙන් කලේය. එතුමා පැරණි ජායාරූපයක් ලබා දුන් අතර ඉන් පිටපතක් ද මම ලබා ගත්තෙමි. එහි අප ඉගෙනගන්නා කාලයේ සිටි ගරු ටෙරන්ස් ද සිල්වා, ෆිලික්ස් රාජපක්ෂ හා ඉතාලි ජාතික ෆිකෝ පියතුමන් ලාගේද, මා විදුහලට ඇතුළත් වූ කාලයේ සිටි විදුහල්පති මර්කට් මහතාගේ ද රුව අඩංගුව තිබුණි.
එකල අප බෝඩිමේ බෝඩිං මාස්ටර් කෙනෙකු වූ මිස්ටර් රීඩ් ගේ හා ගුරුවරයෙක් වූ ඩෙස්මන් වයිට් ( ප්‍රේමාවතී මනම්පේරි නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු) ගේ ද, රුව ඇතුළත් ජායාරූපයක් රීඩ් මහතාගේ පුතෙකු මට ලබා දුන්නේය.
(මිෂන් හවුසියට ඇතුල්වූ පසු මට, අතීතයේ මගේ පියා, එවකට සිටි කලමනාකරු ටෙරන්ස් ද සිල්වා පියතුමා මෙහිදී හමුවන සැටිත්, පියතුමා පියාට වයින් වලින් සංග්‍රහ කරන ආකාරයත් සිහියට නැගුණි.)
නිහල් ද සිල්වා පියතුමා බලපිටිය දේවස්ථානයට මාරු ලබා පිටත්ව යාමට සුදානමින් සිටි නිසා, අපි එතුමාට ස්තූති කොට සමුගෙන,දේවස්ථානය හා ඒ අවට අවශ්‍ය ස්ථාන ජායාරූප ගත කර ගත්තෙමු.
ශාන්ත මරියා විදුහලට වසර 40 කට පමණ පසු මම අද යලිත් ගොඩ වැදුනෙමි.
විදුහල්පතිතුමා රාජකාරියක් සදහා බැහැර ගොස් සිටි නිසා දුරකථනයෙන් අවසරගෙන ගොඩනැගිලි ජායාරූප ගත කලෙමි. විදුහලේ හදවත බදු " ලවුඩාඩියෝ දෙමහල් ශාලාව " කඩාවැටී ඉවත් කර ඇති ආකාරය කණගාටුවෙන් දැක ගතිමි. එකල අප "බගේ " ශාලාව නමින් හැඳින්වු ශාලාව ටෙරන්ස් ශාලාව නමින් නම් කර තිබුණි. එදා අපි නාට්‍ය රගපෑ වේදිකාව ද එලෙසම තිබුණි. ( එදා සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ඒ.එස්.ජී.වික්‍රමරත්න ආදීන් සහ ඇන්ටන් වර්ණකුල ගුරුතුමා ආදීන් සමග මාද එහි නාට්‍ය රගපෑ අන්දම මට සිහියට නැගුණි.) එකල තිබූ " වෙනස්ටන් " ශාලාව එලෙසම පැවති අතර එහි එකල තිබූ පුස්තකාලය දක්නට නොවීය. එය වෙනත් තැනකට ස්ථාන ගත කර ඇතැයි සිතමි. " වෙනස්ටන්" ශාලාව ඉදිරිපිට සිට මම ජායාරූපයක් ද ගත්තෙමි. විදුහලේ තිබුණ ගොඩනැගිලි සමහරක් ඉවත් කර තිබූ අතර අලුතින් තට්ටු තුනක ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණි. ෆූට් බෝල් පිටිය පටුවී තිබුණු අතර, වොලිබෝල් පිටියේ නිවසක් ඉදි කර තිබුණි. ක්‍රිකට් ක්‍රීඩා කල ඇල්ල පිටියද දැන් විදුහලට නැති බවද දැන ගැනීමට ලැබුණි.
මවිසින් ලියන ලද " විරාමය නිමාවිය ", " ප්‍රතිචාරය" හා " ලක්දිව පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු " නැමති පොත් තුන, ඇල්පිටිය ශාන්ත මරියා විදුහලේ පුස්තකාලය සදහා උප විදුහල්පතිතුමියට පරිත්‍යාග කර පැමිණියෙමි.
අතීතයේ ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන විදුහල් පහ අතර තිබූ මෙම විදුහල විවිධ හේතු මත පසුකලෙක ඉතා පරිහානියට පත්ව ඇත. වත්මන් විදුහල්පති තුමා යටතේ එය තිබූ තත්වයෙන් යලිත් උසස් මට්ටමකට ගෙනවිත් ඇත. එය ඉදිරියට තවත් සංවර්ධන වෙතැයි ප්‍රාර්ථනා කරමි.
( ශාන්ත මරියා දේවස්ථානයේ නිහල් ද සිල්වා පියතුමා, දිවිතුර වතුයායේ නිලධාරී ආදි ශිෂ්‍ය රීඩ්, ඇල්පිටිය ශාන්ත මරියා විදුහලේ විදුහල්පති තුමා හා උප විදුහල්පති තුමිය,මේ ගමනට මා සමග එක්වී සහය ලබා දුන් විදුහලේ ආදි ශිෂ්‍ය කලාකරු ආශා පීරිස් හා මිත්‍ර රංජිත් ගුණවර්ධන යන මහතුන්ටද ස්තූතිය පුද කරමි.
සෝමදාස අබේවික්‍රම
( ඇල්පිටිය ශාන්ත මරියා විදුහලේ ආදි ශිෂ්‍ය හා " ශාන්ත මරියාවේ වසර අටක් " කෘතියේ කර්තෘ )
12.01.2022