ශාන්ත මරියා මාතාව වැජබේවා
දකුණු ලක ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයට අයත් කුරුදුගහ හැතැප්ම නගරයේ ගා/ශාන්ත මරියා මහා විද්‍යාලය පිහිටා ඇත.1918 දී කතෝලික මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අනුව යමින් ආරම්භ වී ඇති මෙම විද්‍යාලය කතෝලික පියවරුන් විසින් පාලනය කර ඇත.
අතීතයේ ඇල්පිටිය ප්‍රදේශයේ පමණක් නොව ගාල්ල දිස්ත්‍රික්කය පුරා දරුවන්ගේ ගුණ නුවණ පාදාලීමට උදාර මෙහෙවරක් ගෙන දුන් ශාන්ත මරියාව වරෙක උන්නතිය කරාද, වරෙක අවනතිය කරාද යමින් ශතවර්ෂයකට ආසන්න කාලයක් පැමිණි ගමන් මග දේශයට බිහි කලාවු අගනා දු පුතුන් ගණන අති මහත්ය.
අතිතයේදී කතෝලික පියවරුන්ගේ මෙහෙයවීම යටතේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දුන් මෙම පාසල වර්තමානය වන විට සිංහල මාධ්‍යයෙන් 6 ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙල කලා සහ වාණිජ විෂය දහරාවන් යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 350 පමණ අධ්‍යාපනය ලබමින් සිටිති.
වර්තමානය වන විට පාසලේ පැවති පැරණි ගොඩනැගිලි බොහෝමයක් විනාශයට පත් වී ඇති අතර තවත් කිහිපයක් ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත.නැතහොත් ඒවාද ශාන්ත මරියාවට නුදුරු අනාගතයේදී අඅහිමි වී යනු ඇත.2003 වර්ෂයේදී ඉදි කරන ලද තෙමහල් ගොඩනැගිල්ල තුල වැඩි පංති ප්‍රමාණයක් සහ පරිපාලන ඒකකය පවත්වාගෙන යනු ලබන අතර ඉතිරි ගොඩනැගිල්ල තුල පරිගණක ඒකකය සහ තවත් පංති කාමර 4 ක් පවත්වාගෙන යනු ලැබේ
වර්තමාන ශිෂ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් නොවන පහසුකම් යටතේ පුස්තකාලය සහ විද්‍යාගාරයද පැරණි ගොඩනැගිල්ලක් තුල පවත්වාගෙන යනු ලබන අතර ප්‍රදේශයේ දරුවන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා දුර බැහැර ප්‍රදේශ වලට ඇදී යන ශිෂ්‍ය ප්‍රජාව සදහා පහසුකම් ලබා දෙමින් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම කර ගනිමින් අතීත ශ්‍රි විභුතිය නැවත පාසල කරා ලගාකර ගැනිම මෙහිලා එකම අරමුණ වේ.


